News Line| Off Air
Generic placeholder image

Jan
18

රට සංවර්ධනය කරන්න රවීගෙන් උපදෙස්

587 Views


රට සංවර්ධනය කරන්න රවීගෙන් උපදෙස්

“අපිට පොඩ්ඩක් වැඩ නැතිවුණාම පැත්තකට වෙලා කසුකුසු ගානවා මිසක් රට ඉලක්ක කරලා වැඩකට යොමු වෙන්නේ නැහැ. අපේ තරුණ තරුණියන් ඒ අයට ප්‍රශ්නයක් ආවම ඒවා විසඳන්න බැරිවුණම බෝඩ් ලෑලි අල්ලගෙන ලිප්ටන් වටරවුමේ කැරකෙනවා. ඉතින් රටක් සංවර්ධනය කරන්නේ කොහොමද.

ඒ මහතා මෙම අදහස් පළකළේ ඊයේ (17) පෙරවරුවේ මට්ටක්කුලිය, හම්ස පාසලේ දරුදැරියන්ට පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ,

අවුරුදු 71කට කලින් මේ රටේ නිදහස ලබාගෙන මේ දක්වා අපි ඇවිත් තිබෙන්නේ ඉබිගමනින්. සුද්දා මේ රට අපිට දීලා ගියාට පස්සේ අපේ අතින් සංවර්ධනයක් සිදුවුනේ හෙමින් කියලා අපිට පේනවා. දැන් මේ අපේ රට කියලා හිතාගෙන, සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම්, මැලේ කියලා බෙදීමක් ඇතිකරගන්නේ නැතිව, අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් හිතලා රට සංවර්ධනය කරන්න එක් වියයුතුයි.

“මුදල් ඇමති වශයෙන් කටයුතු කරන අවස්ථාවේ රටේ නිෂ්පාදනයෙන් 3.1‍% යි අධ්‍යාපනයට වෙන් කළේ. මම ධුර කාලය අවසන් වනවිට එම අගය 4.8% දක්වා වර්ධනය සිදු කලා. ඒ ආකාරයෙන්ම තවදුරටත් වැඩිවෙලා අධ්‍යාපනය තුළින් ආයෝජනය කරන මුදල් තුළින් මේ රට ශ්‍රීඝ්‍රයෙන් ඉදිරියට ගෙනියන්න. රටක් සංවර්ධනය කරන්න බැහැ නිකන් බලාගෙන ඉදලා. ඒකට අපි කැපවෙලා මහන්සියෙන් වැඩකළ යුතුයි.

ඊට හොඳම උදාහරණය තමයි වසර 71 කට කලින් අපි නිදහස ලබාගන්නා අවස්ථාවේ අපේ රටේ ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 48යි. ඒ අවස්ථාවේ ජපානයේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 49 යි. නමුත් දැන් ජපානයේ ඒකපුද්ගල ආදායම 54100 යි. නමුත් දැන් අපේ ඒකපුද්ගල ආදායම 4200. අපිට තියෙන්නේ රට සංවර්ධනයට බැරිකමක් නෙමෙයි. ඕනකමක් නැතිකම” යැයි ඔහු වැඩි දුරටත් දක්වා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post