News Line| Off Air
Generic placeholder image

Jan
19

සේනා මඩින හැටි රතන හිමි කියයි

458 Views


සේනා මඩින හැටි රතන හිමි කියයි

දිවයිනේ ප‍්‍රදේශ රැසක වගාවන් විනාශ කර ඇති සේනා දළඹු මර්ධනයට ගුවනින් උග‍්‍ර විෂ සහිත රසායන ද්‍රව්‍යයක් ඉසීමේ ක‍්‍රමයක් පිළිබඳ කෘෂි බලධාරීන් අවධානය යොමු කර තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරනවා.

බඩ ඉරිගු වගාවන්ට දැඩි හානි සිදු කළ සේනා දළඹුවන් මේවනවිට බෝග රැසක් ආක‍්‍රමණය කරමින් සිටිනවා. සේනා දළඹුවන්ගේ ජීව චක‍්‍රය හඳුනාගනිමින් ඒ සඳහා ප‍්‍රතිකර්මයක් යෙදිය යුතු බවයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසනවා.

කොහොඹ ඇට කුඩු කර සේනා දළඹුවන් ව්‍යාප්ත වූ බෝග වලට ඉසීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙම උවදුර මර්ධනයට කෘෂිකර්ම බලධාරින්, විශේෂඥයින් ද කැඳවා විධිමත් සාකච්ඡුාවක් පැවැත්විය යුතු බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.

සේනා දළඹුවා මේවනවිට කුරක්කන් හා උක්වගාවද ආක‍්‍රමණය කරමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post