News Line| Off Air
Generic placeholder image

Jan
19

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් වැඩ සටහනක්

1332 Views


ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් වැඩ සටහනක්

ජනාධිපතිතුමාගේ මෙහෙය වීමෙන් පැවැත්වෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සමාරම්භක උත්සවය 2009.1.29 වන දින වයඹ පළාත් පළාත් ආණ්ඩුකාරවරයා වන ගරු ජයන්ත බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

මෙම සමාරම්භක උත්සවය පාසල් සිසුන් 5000කගේ සහ වයඹ පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2009.1.29 දින පෙරවරු 8 සිට කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

එසේම කුරුණෑගල නගරයේ ප්‍රදාන පාසල් ප්‍රදාන පාසල් වල සිසුන් ගේ සහභාගීත්වයෙන් එම පාසැල් වල සිට වෙලගෙදර ක්‍රීඩාන්ගනය දක්වා මුළු නගරයම ආවරණය වන පරිදි පාගමනක් පැවැත්වෙන අතර එය අදාළ පාසල් අතරින් පෙරවරු 7.30 ට ආරම්භ වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post