News Line| Off Air
Generic placeholder image

Jan
19

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිද්ධියට දෙවන පරීක්ෂණ කණ්ඩායමක්

908 Views


අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිද්ධියට දෙවන පරීක්ෂණ කණ්ඩායමක්

2018.11.22 වන දින අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි පත් කළ දෙවන පරීක්ෂණ කණ්ඩායම අද දිනයේදී නම් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයපවසනවා.

ඒ අනුව

01.ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම්.නානායක්කාර මහතා

02.රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.එම්.එම්.එම්.බස්නායක මහත්මිය

03.අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී.ඩී.ඒ.ස්වර්ණලතා මහත්මිය

අදාළ කම්ටුවේ සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා.

පරීක්ෂණ කණ්ඩායම හෙට සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහි වාර්තාව ලබන 25 වන දිනට පෙර අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතකෝරළ මහත්මියට භාර දීමට නියමිතව තිබෙනවා.

මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි පත් කළ පළමු පරීක්ෂණ කමිටුව මේ වන විටත් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන අතර එහි වාර්තාව ලබන සදුදා ලබාදීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post