News Line| Off Air
Generic placeholder image

Jan
21

මරණ දඬුවම ගැන තීරණයේ වෙනසක් නෑ

451 Views


මරණ දඬුවම ගැන තීරණයේ වෙනසක් නෑ

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් කි‍්‍රයාවට නංවන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප‍්‍රකාශයට පත් කරමින් අද (21දා) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහන අමතමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය අභියෝගය ජයගෙන ඇති පිලිපීන ජනාධිපතිවරයා කි‍්‍රයාත්මක කර තිබෙන තීරණ තමා විසින් කි‍්‍රයාත්මක නොකළ ද ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට බියේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා දැඩි තීන්දු තීරණ වෙනස් නොකරන බව ද ප්‍රකාඅශ කර සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post