News Line| Off Air
Generic placeholder image

Jan
21

හමුදාපතිගේ ආරක්ෂකයින් දෙදෙනෙකු මිය යයි

1136 Views


හමුදාපතිගේ ආරක්ෂකයින් දෙදෙනෙකු මිය යයි

මුලතිව් පුලයන්කුලම් ප්‍රධාන මාර්ගයේ නෙඩුන්කේනි කෝඩාලිකල්ලු ප්‍රදේශයේදී අද (21) සවස යුද හමුදාපතිගේ ආරක්ෂක ජිප් රථයක් අනතුරට ලක් වීමෙන් කමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තවත් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට නෙඩුන්කේනි පොලීසිය ප්‍රකාශ කරනවා.

අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් දිස්ත්‍රීක්කයට පැමීණීම හේතුවෙන් යුද හමුදාපතිතුමන්ද පැමිණි අතර එම අවස්ථාවට පැමිණි යුද හමුදාපතිතුමන්ගේ ආරක්ෂක ජිප් රථයක් මුලතිව් සිට වවුනියාව දෙසට ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේන්වා.

එහිදී යුද හමුදා ජිප් රථය ගමන් කරන අවස්ථාවේදී මාර්ගය හරහා ගවයෙක් පැන ඇති අතර එහිදී ගවයා බේරීමට යාමේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව ජිප්රථය මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබූ තල් ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබූ යුද කමාණ්ඩෝ සෙබලුන් වහාම මුලතිව් මහරෝහලට ඇතුලත් කල අතර එහිදී යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් තිබෙන අතරම තවත් බරපතල තත්වයේ සිටි සිව් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා වවුනියාව මහරෝහලට ඇතුලත් කොට තිබෙනවා.

අනතුරින් කමාන්ඩෝ මේජර්වරයෙකු හා කෝප්‍රල්වරයෙකු මිය ගොස් ඇති බවටද පරික්ෂණ සිදු කරන නෙඩුන්කේනි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post