News Line| Off Air
Generic placeholder image

Jan
21

ඉදිරි මැතිවරණවලදි සහය දක්වන හැටි දිගම්බරන් කියයි

1501 Views


ඉදිරි මැතිවරණවලදි සහය දක්වන හැටි දිගම්බරන් කියයි

වතුකරයේ දමිළ ජනතාව ඕනෑම මැතිවරණයතකට සූදානම් බව අමාත්‍ය පලනි දිගාම්බරම් මහතා පවසනවා.

ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් නුවරඑළිය, ඩයගම බටහිර වතුයායේ ඉදිකරන ලද නිවාස 150 කින් යුතු “ඒබ්‍රහම් සිංහෝපුරම්” නව ගම්මානය ඊයේ දින ජනතා අයිතියට පත්කරන ලද උත්සවයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කරා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ඊළඟ ජනාධිපතිවරණයේදී අපි සහයෝගය ලබාදෙන්නේ අපේ ජනතාවට සේවය කරන පුද්ගලයෙකුට පමණයි. වතු ජනතාව අවුරුදු 200ක් තිස්සේ ලැයිම් කාමරවල දුක්විදිනවා. 2015 වසරේදී පත්වුණු ආණ්ඩුවට අපි සහයෝගය දක්වලා ඉල්ලීමක් කළා පර්චස් 07ක ඉඩමක් එක්ක නිවසක් ඉදිවෙන්න ඕන කියලා. ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඒ ඉල්ලීමට සහයෝගය දක්වලා මේ ජනතාවට නිවාස ඉදිකරන්න මට භාර දුන්නා. ඒ වගකීම මම ඉටුකරමින් ඉන්නේ.

අපේ ජනතාව තවම දුක්විදිනම ජනතාවක්. මේ ජනතාවට රු 500ක දෛනික වැටුපක් ලැබෙන්නේ. අද මේසන් බාස්ටත් 1500ට වඩා ලැබෙනවා. අද පිටකොටුවේ ඉදලා බම්බලපිටියට ත්‍රීවිල් එකක ගියත් රු 500 මදි. අපි කියන්නේ සධාරණ වැටුපක් වැඩිවිය යුතුයි. ආණ්ඩුවත් පාඩුවේ ඉන්නවා. ගිවිසුම අත්සන් කරන වෘත්තීය සමිතිත් කම්කරුවෝ පාවා දෙනවා.

මම කියන්නේ මේ වතු කම්කරුවෝ හරියට හිතපු දවසට වතු සමාගම් වලට ගෙදර යන්න වෙනවා. අපි රු 1000 ක් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ ජීවත් වෙන්න පුළුවන් වැටුපක්. වතු සමාගම් ආරක්ෂා වෙන්න ඕන. සමාගම් කඩා වැටුනොත් ලක්ෂ 02ක් වන වතු කම්කරුවෝ මොකද කරන්නේ, මේ ගැන අවධානය යොමුකරලා ගිවිසුම් අත්සන් කරන වෘත්තීය සමිති වතු සමාගම් නිසි පියවරක් ගන්න ඕන. නැත්නම් අපි කියනවා ආණ්ඩුවට මේ වතු සමාගම් පවරා ගන්න කියලා යනුවෙන් ඔහු පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post