News Line| Off Air
Generic placeholder image

Jan
21

මහනුවර මාර්කට් එකේ පිරිසිදු කම ගැන ගැටළුවක්. වගකිවයුත්තන් නිහඩ ඇයි?

583 Views


මහනුවර මාර්කට් එකේ පිරිසිදු කම ගැන ගැටළුවක්. වගකිවයුත්තන්  නිහඩ  ඇයි?

මේ තියෙන්නේ මහනුවර මාර්කට් එක. මේ පළතුරු විකුනන හැටි. මට මේවා දැක්කම ආපු ප්‍රශ්නේ මේ නගරවල අර මහජන සෞඛ්‍යය නිලධාරින් නැද්ද කියලා.

මේ පළතුරු විකුනන විදිය මිනිසුන් ට තියා සතෙක්ටවත් අනුචිතයි. ඒ තරමට ජරා ගොඩේ.
කියලා දෙන්න පුළුවන් හොදම විදියට කියලා දෙන කොට මුදලාලිත් අතුරුදන් , සමහර මුදලාලි කියනවා මීඩියා වලට කියන්න ලු.

තමන් හම්බකරන් කන තැන පිරිසිදුව තියාගන්න මීඩියා ඕනද කියලා අහනවා මිස වෙන මොනවා කියන්න ද

අපි එක දෙයයි මේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ. මේ මහ පොලොව ඉඩක් දීලා තියෙනවා හම්බකරන් කන්න. අඩුම තරමේ අන්න ඒ නම්බුවට එතන පිරිසිදුව තියාගන්න කියලයි. අනිත් කාරණය මේ කාරණය ගැන මෙතෙක් බලධාරීන්ගේ නිලධාරීන්ගේ අවධානය යොමු නොවීම ගැටළුවක්. රටේ මිනිසුන් ආහාරයට ගන්නා දේ විකුණන ස්ථාන ගැන වගකිවයුතු අංශ වල අවධානය මීට වඩා යොමුවේවායි සියත 24 අප ප්‍රර්ථනා කරමු


News Articles
Latest Videos
Most Popular Post