News Line| Off Air
Generic placeholder image

Jan
21

ත්‍රස්තවාදි වැලැක්වීමේ පනත ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතාවක්

381 Views


ත්‍රස්තවාදි වැලැක්වීමේ පනත ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතාවක්

යුද්ධය අවසන් වී ඇති නිසාවෙන් වහාම ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ඉවත් කරන ලෙස ඉල්ලා යාපනයේදී ඊයේ (20) දින සවස පිරිසක් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා.

සමාජ වෙනස් කිරීම් සඳහා වූ සංවිධානයේ එස්.රැජිනි නැමති කාන්තාවගේ මූලිකත්වයෙන් යුත් පිරිසක් විසින් යාපනය බස්නැවතුම් පළ ඉදිරිපිටදී ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

විරෝධතාකරුවන් විසින් යාපනය බස්නැවතුම්පළ ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන බස්නැවතුම්පළ වටා පිහිටි මාර්ගයේ ගමන් කරමින් කියා සිටියේ යුද්ධය අවසන් වී වසර 10ක් ගත වීමට ආසන්න ඇති අවස්ථාවක ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බවටත් අත්අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීමට පියවර ගත යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post