News Line| Off Air
Generic placeholder image

Jan
21

වෙල්ගමත් ජනාධිපතිකමට සුදානම් ?

903 Views


වෙල්ගමත් ජනාධිපතිකමට සුදානම් ?

ජනාධිපති තනතුරට තමා අකමැති බවත් ජනාධිපති බලතල සියල්ල පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

මිල්ලනිය, ගල්පාත පුරාණ රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

රට තුළ යම් යම් තැන්වල අවි ආයුධ අතට ගන්න තත්ත්වයක් ඇති වී තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ලක්ෂ 6ක් පමණ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සිටින බවත් ඔවුන් සුළුතරයක් වු මේ පිරිස පාලනය කිරීමට හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

නමුත් මෙම සුළුතර පිරිසෙන් බොහෝමයක් දේශපාලනඥයෝ සමඟ සිටින නිසා ඔවුන් අල්ලා ගැනීම අපහසු වී ඇති බව ද කුමාර වෙල්ගම මහතා සඳහන් කළා.

නමුත් මෙම තත්ත්වය මර්දනය කළ හැකි බවත් ඒ සඳහා ඕනෑම වෙලාවක තමා ඉදිරිපත් වන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම ජනාධිපතිවරයාට කිසි විටෙකත් තමා කැමැති නැති බවත්, ජනාධිපතිවරයෙකුට විශාල බලතල අවශ්‍ය නොවන අතර පාර්ලිමේන්තුවට බලය ලබා දිය යුතු බවත් කුමාර වෙල්ගම මහතා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post