News Line| Off Air
Generic placeholder image

Jan
22

විපක්ෂ නායක කාර්යාලයේ සම්බන්ධන්ගේ ඡායාරූපය නැහැලු

703 Views


විපක්ෂ නායක කාර්යාලයේ සම්බන්ධන්ගේ ඡායාරූපය නැහැලු

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ ශ්‍රී ලංකාවේ විපක්ෂනායක වශයෙන් කටයුතු කළ පුද්ගලයන්ගේ ඡායාරූප ඇතත් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රථමව විපක්ෂනායක ලෙස කටයුතු කළ ආර්. සම්බන්ධන් මහතාගේ ඡායාරූපයක් එම කාර්යාලයේ නොමැති බව දක්නට ලැබෙනවා.

පාර්ලිමේන්තුවේ නව විපක්ෂනායක ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතා අද (22දා) එම කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරී ආරම්භ කරනු ලැබුවා. එහිදී මේ බව දැකගත හැකි වුණා.එදා මෙදා තුර පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් වශයෙන් කටයුතු කළ සියලු දෙනාගේ ඡායාරූප එම කාර්යාලයේ බිත්තියේ එල්ලා ඇතත් සම්බන්ධන් මහතාගේ ඡායාරූපයක් එහි නොවීය.

2015 ජනවාරි 08 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලෙස පත්වීමෙන් පසුව බිහිවූ කෙටි කාලීන ආණ්ඩුවේ විපක්ෂනායක ලෙස කෙටි කලක් කටයුතු කළ නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ඡායාරූපයක්ද මෙහි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post