News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

සේනා දළඹුවා බහුජාතික සමාගමක වැඩක් ? සේනා ලංකාවට ආපු හැටි හෙළිවෙයි !

554 Views


සේනා දළඹුවා බහුජාතික සමාගමක වැඩක් ? සේනා ලංකාවට ආපු හැටි හෙළිවෙයි !

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය විනාශ කරමින් දිවයින පුරා වසංගතයක් බවට පත්ව තිබෙන ‘සේනා දළඹුවා’ ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2018 වසරේ මෙරටට ගෙන්වූ බඩඉරිඟු බීජත් සමඟ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බහු ජාතික සමාගම් තුනක් හරහා මෙරටට බඩඉරිඟු බීජ ගෙන්වනු ලබන අතර ඉන් එක් බහුජාතික සමාගමක් සිය ඒකාධිකාරිය ලබා ගැනීම සඳහා මේ දළඹු බිත්තර සමඟ බඩඉරිඟු බීජ ගෙන්වා ඇතැයිද මෙම මුද්‍රිත වාර්තාවේ දැක්වෙනවා.

එම වසරේ බඩඉරිඟු බීජ මෙටි‍්‍රක් ටොන් 1200 ක් ගෙන්වා තිබෙන අතර එම අවස්ථාවේ මෙම දළඹු බිත්තර රෝග නිරෝධායන ඒකකයට හසුනොවීම පිළිබඳව බලධාරීන් සොයා බැලිය යුතු බවද සඳහන් වෙනවා.

ගෙන්වන ලද එම බීජවල සාම්පල් පරීක්‍ෂා කිරීමට හැකියාව ඇතැයිද එම වාර්තාවේ තවදුරටත් දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post