News Line| Off Air
Generic placeholder image

Jan
23

අද සිට වතුකම්කරු දෛනික වැටුප රු.1000ක් දිනාගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඇරඹේ

706 Views


අද සිට වතුකම්කරු දෛනික වැටුප රු.1000ක් දිනාගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඇරඹේ

වතුකම්කරුවන්ට රුපියල් දහසක දෛනික මූලික වැටුපක් දිනාදීම සඳහා වෘත්තීය සමිති 30ක් එක්ව සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග අද (23දා) උදෑසන 7.00 සිට ආරම්භ කරන බව වතුකම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය ප්‍රකාශ කරනවා.

මේ අනුව තෝරාගත් වතුවල උදෑසන 7.00 සිට වැඩවර්ජනයක් දියත් කරන බවත්, මීට අමතරව රට පුරා ස්ථාන 27ක විරෝධතා ව්‍යාපාර පවත්වන බවත් එම ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.

සියලුම වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගි වන ප්‍රධාන විරෝධතාව කොළඹ නගරයේදී ආරම්භ වන බවද හෙතෙම පවසා සිටියේය.

මෙම ක්‍රියාමාර්ගවලට සහයෝගයක් වශයෙන් රුහුණ, ශ්‍රී ජයවර්ධනපුර, අග්නිදිග, සබරගමුව, රජරට, කැලණිය, වයඹ, පේරාදෙණිය යන විශ්වවිද්‍යාල ඉදිරිපිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විරෝධතා පවත්වන බවද ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල 08ක් ඉදිරිපිට සිදුකරන විරෝධතාවලට අමතරව කොළඹදී පැවැත්වෙන ප්‍රධාන විරෝධතාවටද විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍යයන් සහභාගි වීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කර සිටියේය. මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වීමට බලධාරීන් ක්‍රියා නොකළොත් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post