News Line| Off Air
Generic placeholder image

Jan
23

පානීය ජල බෝතල් දිරන්න අවුරුදු 200 – 300 ක් ගතවෙයි

608 Views


පානීය ජල බෝතල් දිරන්න අවුරුදු 200 – 300 ක් ගතවෙයි

දැනට භාවිතා කරන පානීය ජල බෝතල් වල නිල් පැහැති වර්ණය සුදු පැහැ ගැන්වීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කරනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ නිට්ටඹුව ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ (22) පැවැති ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කණ්ඩායම් භාරව සිටින පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අමතමින්.

“පානීය ජල බෝතලයක් දෙපාරක් පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. ඒකට හේතුව වෙලා තියෙන්නේ පානීය ජල බෝතලය නිල් පාට වීමයි. මිනිස්සුන්ගේ ආකර්ශනය දිනා ගන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ජලය අවර්ණයි කියලා පෙන්නන්න.

නමුත් මේක ප්‍රතිචක්‍රීයකරන්න බැරි නිසා අපි කාලයක් ගිහිල්ලා හරි මේ නිල් පාට වතුර බෝතල් නතර කරන්න පියවර ගන්නවා. ජල බෝතලයක කොටස් 05 ක් පරිසරයට මුදා හැරෙනවා. එකක් බෝතලය, අනික ලේබලය,බෝතලේ මූඩිය, මූඩීය වටා ඇති දවටනය සහ මූඩිය සීල් තැබීමට උපයෝගී කර ගන්නා ප්ලාස්ටික් රදවනය.

මේවා දිරන්න අවුරුදු 200 – 300 ක් යනවා. ගොඩබිමේ විතරක් නෙමෙයි මේවා මුහුදෙත් ගොඩක් තියෙනවා. මේවා ප්‍රතිචක්‍රීයකරණය කරලා කරන්න පුළුවන් එකම එක දෙයයි තියෙන්නේ. ඒ කොස්සේ කෙදි ටික හදන එක විතරයි.”


News Articles
Latest Videos
Most Popular Post