News Line| Off Air
Generic placeholder image

Jan
23

මන්නාරම් සමූහ මිණීවලේ අස්ථි සාම්පල අද ඇමරිකාවට

522 Views


මන්නාරම් සමූහ මිණීවලේ අස්ථි සාම්පල අද ඇමරිකාවට

මන්නාරම් සමූහ මිණීවලේ අස්ථි සාම්පල කාල නිර්ණය කිරීම සඳහා අද (23) දින රාත්‍රියේ ඇමරිකාවට රැගෙන යාමට සියල්ල සූදානම් කොට ඇති බවට සමූහ මිණිවලේ කැනීම් කටයුතු භාර විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

සමූහ මිණීවලෙන් හමු වූ අස්ථි සාම්පල අද දිනයේදී ඇමරිකාවේ ෆොරීඩාහි පිහිටි රසායනාගාරයකට කාල නිර්ණය කිරීමට රැගෙන යාම හේතුවෙන් සමූහ මිණීවලේ කැනීම් කටයුතු ඊයේ (22) දිනයේ තාවකාලිකව නවතා දමා තිබෙන අතර අදාළ අස්ථි සාම්පල ඇමරිකාවට භාර දී පැමිණි පසු නැවත කැනීම් කටයුතු ආරම්භ වන්නේ ජනවාරී 30 වෙනදාය.

මේ පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ,

‘ අද දිනයේදී මන්නාරම් සමූහ මිණීවලේ අස්ථි කොටස් සාම්පල ඇමරිකාවට රැගෙන යාමට සියල්ල සූදානම්. අස්ථි සාම්පල සියල්ල මගේ භාරයේ තමයි ඇමරිකාවට රැගෙන යන්නේ. ඒ අනුව අද උදෑසන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා මන්නාරම් අධිකරණයේ නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ අස්ථි සාම්පල මන්නාරමේ සිට ගුවන්තොටුපළ දක්වා රැගෙන ඒමෙන් පසුව එම නිලධාරීන් විසින් මට අදාළ අස්ථි සාම්පල මට භාරදීමෙන් පසුව මගේ භාරයේ ඇමරිකාවට රැගෙන යන්නේ. ඇමරිකාවට අදාළ සාම්පල රැගෙන යාමෙන් පසු එම අස්ථි සාම්පල භාර දී මම නැවත ලංකාවට පැමිණෙනවා. අස්ථි සාම්පලවල කාල නිර්ණය පිළිබඳ වාර්තාව මට සති දෙකක පමණ කාලයකට පසුව අදාළ රසායනාගාරයෙන් ලබාදීමට නියමිතයි. යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post