පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විමසීම මාර්තු මස 19 වනදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කර තිබෙනවා.
මෙම නඩුව පවරා ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් කම්කරු කොංග‍්‍රස් වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි.
ඒ අනුව පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවන් තිදෙනෙකුට මීලඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහාධිකරණ විනිසුරු ඒ.කේ.එම්. පටබැදිගේ අද සිතාසි නිකුත් කළා.
මෙම නඩුවට අදාළව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර ඇත්තේ චෝදනා 03ක් යටතේයි.