News Line| Off Air
Generic placeholder image

Jan
23

රුපියල් මිලියන 175 ක් වටිනා අති නවීන පහසුකම්වලින් සමන්විත ගිලන්රථ 15ක් වයඹ ප්‍රාදේශීය රෝහල් වලට

876 Views


රුපියල් මිලියන 175 ක් වටිනා අති නවීන පහසුකම්වලින් සමන්විත ගිලන්රථ 15ක් වයඹ ප්‍රාදේශීය රෝහල් වලට

රුපියල් මිලියන 175 ක් වටිනා අති නවීන පහසුකම්වලින් සමන්විත ගිලන්රථ 15ක් වයඹ ප්‍රාදේශීය රෝහල් වලට..

වයඹ පළාතේ රෝහල් වලට විශාල අඩුපාඩුවක්ව පැවති ගිලන්රථ සේවාව තවදුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා වයඹ පළාත් සභාව වෙත ලබා දුන් සඳහා අති නවීන පහසුකම්වලින් සමන්විත ගිලන්රථ 15ක් වයඹ පළාත් ආණ්ඩුකාර ගරු පේෂල ජයරත්න බණ්ඩාර මැතිතුමාගේ මූලිකත්වයෙන් අද දින රෝහල් හරහා ජනතා අයිතියට පත්කරනු ලැබීය.

ප්‍රාදේශීය රෝහල්වලින් උපරිම මට්ටමෙන් රෝගීන්ව කළමණාකරණය කොට රෝගියාගේ රෝගී තත්ත්වය සුව කිරීම සඳහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සැපයීමත් යම් හදිසි අවස්ථාවලදී රෝගීන් වෙනත් ප්‍රධාන රෝහල් කරා මාරුකර යැවීමත් විදිමත්මව හා කාර්යක්ෂමව කිරීම මේ තුළින් බලාපොරොත්තු වන අතර ඒ සඳහා අවශ්‍ය වන වෙනත් පහසුකම් අවශ්‍යනම් ඒවාද කඩිනමින් සපයා දීමට අවශ්‍ය කටයුතු සම්පදනය කරන බව මෙම අවස්ථාවට එක්වෙමින් ගරු ආණ්ඩුකාරතුමා අදහස් දැක්වීය.

වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වෙඬරුව, වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී. එම්. බී. සිරිසේන, වයඔ පළාත් සෞඛ්‍ය නිළධාරීන්, ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.


News Articles
Latest Videos
Most Popular Post