News Line| Off Air
Generic placeholder image

Jan
24

අවිනීති රියැදුරන්ට පනවන දඩය ඉහළට, රියදුරු බලපත්‍රයත් අහෝසි කිරීමට ඇමති සැලසුම් කරයි

727 Views


අවිනීති රියැදුරන්ට පනවන දඩය ඉහළට, රියදුරු බලපත්‍රයත් අහෝසි කිරීමට ඇමති සැලසුම් කරයි

අවිනීත රියැදුරන්ට පනවන දඩය ඉහළ දැමීමට සහ ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට ඉදිරි සති කිහිපයේදී අවශ්‍යක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා සිටියා.මහමගදී අනතුරුසිදුකරන හා ජීවිත බිලි ගනිමින් බරපතළ වැරදි සිදුකරන රියැදුරන්ට එරෙහිව පනවන දඩය ඉහළ දැමීමටත්, එවැනි ‍රියැදුරන්ගේ රියැදුරු බලත්‍රය අහෝසි කිරීමට නීතිගෙන ඒමටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරි මාස කිහිපය තුළදී මෙම වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

“රියැදුරන් හැටියට අපි මීට වඩා පරීක්‍ෂාවෙන් රිය පදවන්න ඕන. එසේ නොමැතිව මහමග ජීවිත බිලි ගනිමින් විනය විරෝධීව රිය පදවන රියැදුරන්ට එරෙහිව අපි ඉදිරියේදී දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. සමහර වෙලාවට මම ගන්නා ඒ තීරණ ජනප්‍රියම නීති නොවෙන්න පුළුවන්. නමුත් ඒ තීරණ කිසිම අවස්ථාවක විනයගරුක රියැදුරන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.වැඩි කරන දඩ හෝ රියැදුරු බලපත්‍රය අහෝසි කිරීම වැනි දේවල්වලින් ප්‍රශ්න ඇති වෙන්නේ විනය විරෝධීව රිය පදවන රියැදුරන්ට විතරයි. දැන් බලන්න දියුණු රටවල් කරන වැරදි අනුව මාස හයකට හෝ අවුරුද්දකට ලෙස රියැදුරු බලපත්‍රය අහෝසි කරනවා.නමුත් එවැනි ක්‍රමවේදයක් අපේ රටේ නැහැ. මම අපේක්‍ෂා කරන්නේ ඉදිරි මාස කිහිපය තුළදී එවැනි ක්‍රමවේදයක් අපේ රටටත් හඳුන්වා දෙන්න”


News Articles
Latest Videos
Most Popular Post