News Line| Off Air
Generic placeholder image

Jan
24

ආණමඩුව, දිසා රෝහල මූලික රෝහලක් වෙයි

2156 Views


ආණමඩුව, දිසා රෝහල  මූලික රෝහලක් වෙයි

ආණමඩුව, දිසා රෝහල මූලික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

අද(23) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නිකුත් කරන ලදී.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ඉල්ලීමකට අනුව මෙම රෝහල සංවර්ධනය කර මූලික රෝහලක් ලෙස උසස් කිරීමට තීරණය විය.

ආණමඩුව දිසා රෝහල වසර 102 ක් පැරණි රෝහලකි.

අණමඩුව විශාලත්යෙන් වැඩිම මැතිවරණ කොට්ඨාශයක් වන අතර, එහි සමස්ථ ජන ගහණය 60000 ක් පමණ වන අතර, මෙම රෝහලෙන් ප‍්‍රතිලාභ ලබා ගන්නා පිරිස අතිවිශාල බව පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

අනෙකුත් මැතිවරණ කොට්ඨාශවලින්ද ප‍්‍රතිකාර ලබා ගැනීමට රෝගීන් පැමිණීම මීට හේතුවක් වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා වසර ගණනාවක සිට ජනතාවගේ ප‍්‍රධාන ඉල්ලීම්වලින් එක්ක වූයේ ආණමඩුව දිසා රෝහල අංග සම්පූර්ණ රෝහලක් ලෙස සංවර්ධනය කර දෙන ලෙසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර, එහි ඉදිකිරීම් කටයුතු පෙබරවාරි මස 22 දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ වෙනුවෙන් වැය කිරීමට අපේක්‍ෂිත මුදල රුපියල් බිලියන 2.9 කි.

ශල්‍යාගාර, ගිලන් රථ සේවා, බාහිර රෝගී අංශ, හදිසි රෝගී අංශය, නවීන පරීක්‍ෂණාගාර ඇතුළු පහසුකම් රැසකින් සමන්විතවන පරිදි මෙම රෝහල සංවර්ධනය කිරීමට තීරණය වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා කියා


News Articles
Latest Videos
Most Popular Post