News Line| Off Air
Generic placeholder image

Jan
24

ටිල්වින්ට එරෙහිව විමල්ගෙන් අභියාචනාවක්

455 Views


ටිල්වින්ට එරෙහිව විමල්ගෙන් අභියාචනාවක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප‍්‍රකාශයට පත් කළ ‘නැත්ත වෙනුවට ඇත්ත’ පොත මඟින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ උල්ලංඝනය කොට ඇතැයි තීරණය කොට ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ටිල්වින් සිල්වා මහතාට ගෙවන ලෙස නියම කරමින් කොළඹ වාණිජ මහාධිකරණ නියෝගයට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ මහතා අභියාචනයක් අද (24) ඉදිරිපත් කර තිබෙනවා.

වාණිජ මහාධිකරණයේ ඉවත දමා අදාළ නඩුවෙන් තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑල කොළඹ වාණිජ මහාධිකරණයේ ලේඛාධිකාරීවරයාට භාරදුන්නේය.

නඩුවේ වගඋත්තරකාර පාර්ශවය වු තමන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු නිසි ලෙස අධ්‍යයනය නොකොට මෙම තීන්දුව ලබාදී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර විමල් වීරවංශ මහතා වාණිජ මහාධිකරණයේ තීන්දුව ඉවත දමා තමන් නිදහස් කරන්නැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අදාළ අභියාචනය මඟින් ඉල්ලීමක්ද කොට තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post