News Line| Off Air
Generic placeholder image

Jan
24

මංගලගේ අයවැයට යෝජනා දෙන්න සියලු දෙනාටම ආරාධනා කරයි

461 Views


මංගලගේ අයවැයට යෝජනා දෙන්න සියලු දෙනාටම ආරාධනා කරයි

2019 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය සඳහා ඇතුළත් කළ යුතු යෝජනා තිබෙනවා නම් පෙබරවාරි 11 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශ්වකරුවන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන මාර්තු 05 වැනිදා මෙම අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව අයවැය – 2019 සඳහා වන තම යෝජනා, අධ්‍යක්ෂ ජනරාල්, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට හෝ, බ්ඩ්ග්ට්ප්‍රො@මො.ට්‍රේසුර්ය්.ගොව්.ල්ක් යන විද්‍යුත් තැපෑලට යොමුකළ හැකිය.


News Articles
Latest Videos
Most Popular Post