News Line| Off Air
Generic placeholder image

Jan
24

ලාබාලතම නගරාධිපති වැඩ අරඔයි

878 Views


ලාබාලතම නගරාධිපති වැඩ අරඔයි

දිවයිනේ ලාබාලතම මහා නගර සභා නගරාධිපති ලෙස ජනක නිශාන්ත රත්නායක (32) මහතා, බණ්ඩාරවෙල මහා නගර සභාවේ දී අද (24) උදෑසන සුභ මොහොතින් තම ධුරයේ වැඩ ආරම්භ කළා.

එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් 2006 වසරේදී දේශපාලනය ආරම්භ කළ ජනක නිශාන්ත මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ කාලයේ ලැබු යුධ ජයග්‍රහණයත් සමග එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී බණ්ඩාරවෙල මහා නගර සභාවේ විජයග්‍රහණයක් ලැබූ ස්වාධින කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරීපත්වු ඔහු නියෝජ්‍ය නගරාධිපති ධුරයෙන් පිදුම් ලැබීය.

නගරාධිපති ලෙස කටයුතු කළ (ස්වාධින ) නලින්ද ප්‍රියන්ත මහතා පසුගියදා කලුරිය කළ අතර එම ධුරයට ජනක නිශාන්ත රත්නායක මහතා පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post