News Line| Off Air
Generic placeholder image

Jan
24

බෞද්ධ අධ්‍යාපනික පුනරුදයට අකිලගේ අතහිත

546 Views


බෞද්ධ අධ්‍යාපනික පුනරුදයට අකිලගේ අතහිත

නැගෙනහිර පළාතේ බෞද්ධ අධ්‍යාපනික පුනරුදය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ අවධානය යොමු ව තිබෙනවා.

ඒ අනුව දීඝවාපි රජමහා විහාරයේ සහ අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථාන දෙකක් ආරම්භ කිරීමට පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන මණ්ඩලයේ දී අනුමැතිය හිමි වුණා.

මේ අතරින් එක් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත ඓතිහාසික දීඝවාපී රජමහා විහාරය නැගෙනහිර පළාතේ පිහිටි ප්‍රධානතම විහාරස්ථානය ලෙස ද සැලකේ.

අනෙක් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ, අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙනයි. 1987 වසරේ සිදුවූ සාපරාධී භික්ෂු ඝාතන ඛේදවාචකය සිහිපත් කරමින් අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා.

පිරිවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ දී අදාළ යෝජනාව පිළිබඳ විශේෂ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙය ඉතා අත්‍යාවශ්‍ය කටයුත්තක් සේ සලකා සියලු පහසුකම්වලින් සමන්විතව මෙම ආයතන ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය කරන ලෙස උපදෙස් ලබාදෙනු ලැබුවා.

ලොව පුරා ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කිරීමේ දී භික්ෂුන් වහන්සේට විවිධ භාෂා දැනුම අත්‍යාවශ්‍ය වන බැවින් පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ත්‍රෛභාෂා දැනුම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් අදාළ පහසුකම් ද ඉදිකිරීමට යෝජිත භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානවලට ලබාදීමට පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී සිහිපත් කළේය.
මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථා වලදී ගුවන්යානා දෙකක් මගින් වලාකුළු උපයෝගී කරගනිමින් කෘත්‍රිම වැසි ඇති කිරීමට අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වෙනවා. මේ සදහා අපට තායිලන්ත රජය විසින් තාක්ෂණික ඥාණය ලබාදෙනවා. වියළි කාලවලදී ජල විදුලිය ජනනයට ඇතිවන අපහසුතා මගහරවා ගැනීම සදහා බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ගේ වළාකුළු ඇති කර මෙම කෘත්‍රිම වැසි ඇති කිරීමට පියවර ගන්නවා. ප්‍රථම වතාවට තමයි ලංකාවේ මෙවැනි ක්‍රමයක් ඇති කරන්නේ. ඒ නිසා මේ අද අත්සන් කළේ ඓතිහාසික ගිවිසුම ” යැයි පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post