ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවම වැටුප් ගෙවන රට ශ්‍රී ලංකාව බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ලේ පැවැති උත්සවයකදී සඳහන් කළා.
ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවශ්‍ය නියම සහයෝගය අද වන විට ලැබී නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
පසුගිය කාලයේ දී ලෝකයේ අඩුවෙන්ම වැටුප් ගෙවන රට බවට ලංකාව පත්ව ඇති බව පෙනී යන බවත්, ලංකාවේ ආණ්ඩුවෙන් හෝ බදු ගෙවන මිනිසුන්ගෙන් නොව ICC ආයතනයෙන් ගෙවීම් සිදු කලත් එයවත් නිසි ලෙස ගෙවීම් කර නොමැති බව පෙනී යන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.
එනිසා සුද්ද කරන්න පටන් ගත යුතුව ඇති බවත්, සංගම්වල තනතුරු ගනිමින් විදෙස් ගමන් බිමන් බලාපොරොත්තු වන බවත් පැවසු අමාත්‍යවරයා එම ක්‍රමවේදයෙන් මිදී ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා සංගම් බිහි විය යුතුයි කියන විශ්වාසයක් ඇති බව ද පැවසුවා.
“සමහර අය ලක්ෂ 10ට මාව ගන්න පුළුවන් කියලා“ එතරම් එය පහසු කාර්යක් නොවන බව ද සඳහන් කළ අමාත්‍යවරයා ඇමතිට සල්ලි දීලා ක්‍රීඩකයින් ක්‍රිඩා කරවීමට පෙළඹීමෙන් මෙය කෙතරම් දුරට ගොස් ඇත්දැයි සිතිය හැකි බව ද කියා සිටියා