News Line| Off Air
Generic placeholder image

Jan
24

බඩ ඉරිඟු ප්‍රවාහනය සිමා කිරිමට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි

591 Views


බඩ ඉරිඟු ප්‍රවාහනය සිමා කිරිමට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි

ගාල්ල දිස්ත්‍රික්කයට වැඩිවශයෙන් සේනා දළඹුවා ව්‍යාප්ත වීම සිදුවන්නේ වෙනත් දිස්ත්‍රික්ක වලින් ප්‍රවාහනය කරන බඩඉරිඟු කිරිකරල් මගින් බවත් පරීක්ෂාවකින් තොරව දිස්ත්‍රික්කයට මෙම නිෂ්පාදන ඇතුළුවීම වැලැක්වීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් දකුණු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඩී.ඒ.පළිහවඩන මහත්මිය පවසනවා.

එතුමිය මෙසේ පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අද (24) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්වූ අවස්ථාවේ අදහස් දක්වමිනි.

මෙහිදී සේනා දළඹු උවදුර සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව මෙසේ ද පවසා සිටියාය,

“ගාල්ල දිස්ත්‍රික්කයට සේනා දළඹුවාගේ ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ පිට පළාත් වලින් දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කරන බඩ ඉරිඟු කිරි කරල් වලින්, මෙවැනි ආසාදිත කිරිකරල් තොගයක් අඟුළුගහ ප්‍රදේශයේ වෙළෙන්දෙකු ළඟ තිබී ඒවා විනාශ කිරීමට කටයුතු කළා. මේ දිනවල බඩඉරිඟු වගා කරන ප්‍රදේශවල ඉතා අඩු මිලට කිරිකරල් විකිණෙනවා. ඒ නිසා වෙළෙන්දන් මේවා විශාල වශයෙන් මිලදී ගැනීමට පෙළඹිලා තිබෙනවා.

මේවා බොහෝවිට ප්‍රවාහනය කරන්නේ රාත්‍රී කාලයේදී, නමුත් මෙලෙස ප්‍රවාහනය කිරීම වලක්වන්න හෝ අත්අඩංගුවට ගන්න අපිට නෛතික බලයක් නැහැ. බඩ ඉරිඟු විකුණා ජීවත්වෙන ජනතාවගේ ආදායම් මාර්ගය අහිමිවන නිසා විකුණන්න එපා කියලත් අපිට කියන්න බැහැ. නමුත් නීතිමය බලයක් ඇති ආයතන මේ සඳහා ක්‍රියාත්මක වීම අවශ්‍යයි. එසේ නොවුනහොත් ගාල්ල දිස්ත්‍රික්කයටත් මේ දළඹුවාගෙන් හානි සිදුවීම වලක්වන්න බැහැ.”


News Articles
Latest Videos
Most Popular Post