News Line| Off Air
Generic placeholder image

Jan
24

නාවලපිටිය වතු කම්කරුවෝ අදත් පාරට

560 Views


නාවලපිටිය වතු කම්කරුවෝ අදත් පාරට

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා නාවලපිටිය කොලපතන ප්‍රදේශයේ වතු කම්කරුවෝ අද (24) දහවල් උද්ඝෝෂණයක නිරතවුණා.

කොලපතන වතුයායේ වතු කම්කරුවන් විරෝධතා පුවරු අතැතිව නාවලපිටිය කොලපතන මංසන්ධිය වෙත පැමිණි වතු කම්කරුවන් කියා සිටියේ රටේ පවතින ජීවන වියදම අනුව තම මුලික වැටුප රු 530 සිට රු 1000 දක්වා වැඩි කිරීමට වතු සමාගම් කටයුතු කල යුතු බවයි.

තම වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමයත් වතු ඒකාබද්ධ වෘත්තිය සමිතියත් රජයේ පාර්ශවයත් අවස්ථා ගණනාවකදි සාකච්ඡා පැවැත්වුවද මෙතෙක් තම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවත් ඔවුන් පැවසුවා.

උද්ඝෝෂණයේ නියැලී සිටි වතු කම්කරුවන් කියා සිටියේ සියළුම පාර්ශවයන් එක් වී තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරීමට කටයුතු කල යුතු බවයි.

වතු කම්කරුවෙකුට දැනට දිනකට ගෙවන රු 530 මුලික වැටුප රු 625 දක්වා වැඩි කිරීමේ යෝජනාවක් වතු සමාගම් විසින් වතු ඒකාබද්ධ වෘත්තිය සහ රජය වෙත ඉදිරිපත් කර තිබුණා.

එම යෝජනාවට වතු ඒකාබද්ධ වෘත්තිය සමිති එකඟතාවය පල නොකිරීමේ හේතුව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post