News Line| Off Air
Generic placeholder image

Jan
24

කුලි නිවැසියන්ට ස්ථිර නිවාස – පාඨලි කියයි

448 Views


කුලි නිවැසියන්ට ස්ථිර නිවාස – පාඨලි කියයි

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, බදුල්ල සේනානායක උද්‍යානය ප‍්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් මාධ්‍යවේදීන් විසින් කුලී නිවැසියන්ට ස්ථීර නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් තිබෙනවාදැයි විමසූ අවස්තාවේදී

එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා, ‘කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉන්නවා පවුල් ලක්‍ෂ තුනක්. කොළඹ නගරයේ ඉන්නවා මේ වගේ අයහපත් නිවාස තිබෙන 50,000 ක්, ඒ හැමෝටම අපි 2024 වෙන කොට නිවාස දෙනවා.

එනමුත් අර කිව්වා වගේ කුලියට ඉන්නවා පවුල් ලක්‍ෂ තුනක්. මම හැමදාම අපේ මැතිවරණ කොමසාරිස්තුමාගෙන් අහනවා ඡන්ද දායක ප‍්‍රමාණය ගම්පහට වඩා අඩු ඇයි කියලා. සෙනග වැඩියි. ඡන්ද අඩුයි. හේතුව පවුල් ලක්‍ෂ 3 ක් ඉන්නේ කුලියට. ඒ අයගේ ඡන්ද තියෙන්නේ පිට. ඉතින් මේ කුලී නිවැසියන්ගේ ප‍්‍රශ්නය විසඳන්න ඕනේ. ඒකටත් අපට නිවාස කි‍්‍රයාවලියක් අවශ්‍යයි. ගරු අග‍්‍රාමාත්‍යතුමාට මේ පිළිබඳ කරුණු දක්වලා එතුමා විදේශ රටවල් සමග කතා කරලා මම හිතන්නේ එතුමාට සහන ණයක් ලැබෙන්න නියමිතයි. එයින් පසුව අපි අත්‍යාවශ්‍ය කුලී නිවැසියන්ට නිවාස ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඔහු පවාසුවා.


News Articles
Latest Videos
Most Popular Post