News Line| Off Air
Generic placeholder image

Jan
24

ගෝඨා පුනරුත්තාපනය වුණොත් හිතන්න පුළුවන් – රංජන් කියයි

1953 Views


ගෝඨා පුනරුත්තාපනය වුණොත් හිතන්න පුළුවන් – රංජන් කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පුනරුත්තාපනය වුවහොත් සිතා බැලීමට අවස්ථාවක් ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.

අද (24දා) කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

Q – ඔබතුමාට ගෝඨා භයක් තිබෙනවද?

A භයානක මිනිහෙක්නේ මල්ලි. ගෞතම බදුරාජාණන් වහන්සේ මිනිස්සු වදිනවා. එයාගෙන් හින්සාවක් පීඩාවක් නෑ. අපි අංගුලි මාලව දක්කාම පැනලා දුවනවා. මරු සිරාව දැක්කම අපි දුවනවා. හාල් ඇටයා, වම්බොට්ටා දැක්කම දුවනවා. ගෝඨාභය දැක්කාම මිනිස්සු භය ඇයි.

සුදුවෑන් සංස්කෘතියක් තියෙනවා. ලසන්තව මැරුවේ කවුද කියලා දන්නවා. අපිට ගෝඨාභය ගැන භයක් තිබෙනවා. මගේ මාමා විජය කුමාරතුංග එයාට කවුරුවත් භය නෑ.

ගෝඨාභය මහතා පුනරුත්තාපනයට ලක්වුණොත් අපිට හිතන්න පුළුවන්. මාධ්‍යවේදීන් ඔබතුමා ඇමෙරිකානු පුරවැසිභාවය අයින් කර ගන්නවද ඇහුවාම මහා භයානක විදිහට හිනාවෙනවා. අමුතු විදිහට බලනවා. ඔහු මානවහිතවාදී නෑ. පොඩ්ඩ එහා මෙහා වුණොත්?…


News Articles
Latest Videos
Most Popular Post