News Line| Off Air
Generic placeholder image

Jan
25

ඥානසාර හිමිට ජනපති සමාව ලැබීමට නියමිතයි

596 Views


ඥානසාර හිමිට ජනපති සමාව ලැබීමට නියමිතයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළා.

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ නාහිමිව නිදහස් කරන ලෙස මහා සංඝරත්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත්, ඒ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙන බවත් අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළා.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණද මෙම ඉල්ලීම සිදුකර තිබෙන බව මන්ත්‍රීවරයා පවසා සිටියේය. පෙබරවාරි 04 වැනිදා හෝ ආසන්න දිනයකදී මෙය සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post