ව්‍යවස්ථාදයක සභාව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (25දා) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
“රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. ස්වාධීන අධිකරණයක් පිහිටුවා තිබෙනවා. අද විපක්ෂය ව්‍යවස්ථාදයක සභාවට එරෙහිව කතා කරන්නේ පසුගිය දා ලබුණු සාධාරණ තීන්දුව ඉවසා ගත නොහැකි නිසයි.
පසුගිය රජය සමයේ තනතුරු පත් කළ ආකාරය ජනතාවට අමතක වී නෑ. වත්මන් රජය යටතේ ව්‍යවස්ථාදායක සභාව මඟින් සියලු පත්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදු කරනවා. අවසන් තීරණය පාර්ලිමේන්තුව සතුයි”