News Line| Off Air
Generic placeholder image

Jan
25

සාම සාධක හමුදා රථයකට ප්‍රහාරයක්-ලංකාවේ කපිතන්වරයෙක් ඇතුළු 2ක් මරුට- 3කට තුවාල

682 Views


සාම සාධක හමුදා රථයකට ප්‍රහාරයක්-ලංකාවේ කපිතන්වරයෙක් ඇතුළු 2ක් මරුට- 3කට තුවාල

මාලිහි ඩුන්සා ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතන්වරයෙක් හා යුද හමුදා සෙබළෙක් ප්‍රහාරයකින් මිය ගොස් ඇති අතර, තවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

මාලි වේලාවෙන් අද(25) උදෑසන 6.30 ට පමණ මෙය සිදුව ඇතැයි ශ්‍රි ලංකා යුද හමුදාව සඳහන් කරයි.

තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තා වෙනවා.

මුර සංචාරයක් සඳහා යමින් සිටිය දී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post