News Line| Off Air
Generic placeholder image

Jan
26

පාතාල නායක ඌරු ජුවාගේ සගයන් දෙදෙනෙක් කොටු

694 Views


පාතාල නායක ඌරු ජුවාගේ සගයන් දෙදෙනෙක් කොටු

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාඹුලනගේ දිනෙත් මිලාන් මාඹුලන නොහොත් ‘‘ඌරු ජුවා’’ නමැත්තාගේ සගයින් දෙදෙනෙකු බව කියන සැකකරුවෙකු හා සැකකාරියක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බියගම, සාම මාවත ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. එම ප‍්‍රදේශයේ පුද්ගලයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමට තැත් කළ අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් සතුව තිබී මන්නා පිහි 3 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැණුනු සැකකරු 22 වන වියේ පසුවන අතර සැකකාරිය 20 වන වියේ පසු වන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post