ඉන්දියාවේ 70 වන ජන රජ දිනය අදයි. ඒ වෙනුවෙන් වන සැමරුම් උළෙල පැවැත්වෙන්නේ නවදිල්ලි නුවර රතු බලකොටුව පරිශ‍්‍රයේ දීයි
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙනවා
මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විී සිටින්නේ දකුනු අප‍්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසායි
ඉන්දීය සංස්කෘතිකාංග රැසක් සැමරුම් පෙළපාලියට එක් කර තිබෙනවා
ඉන්දියාවේ 70 වන ජන රජ දින සැමරුම් පෙලපාලිය හේතුවෙන් නවදිල්ලි නුවර ආරක්ෂාව තර කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කලේ
පොලිස් නිළධාරීන් 2 500 ක් පමණ ආරක්ෂක කටයුතු සදහා අනුයුක්ත කර තිබෙනවා