News Line| Off Air
Generic placeholder image

Jan
26

කොළඹ නාවික අභ්‍යාසය අද සිට දින 04ක්

1677 Views


කොළඹ නාවික අභ්‍යාසය අද සිට දින 04ක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇතිි කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Execrcice _ Conex 19) අද දින ( 26 ) වන දින සිට 29 වන දින දක්වා කොළඹ මුහුද අාශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සතු නෞකාවන් සහ යාත්‍රා සහභාගිවිමට නියමිතව තිබෙනවා.

මෙම නාවික අභ්‍යාසය වරාය සහ සාගරය වශයෙන් අධියර දෙකක් යටතේ පැවැත්විමට නියමිත අතර, එහිදී මුහුදු බෝම්බ තැන්පත් කර ඇති ජලයේ යාත්‍රා කිරිම මුහුදේදී සැපයුම් අවශ්‍යතා සම්පාදනය කර ගැනීම, නෞකාවන් ඇදගෙන යාම ඇතුළු නාවික අභ්‍යාසයන් රැසක් පැවැත්විමට නියමිතව තිබෙනවා.

එළඹෙන පෙබරවාරි 04 වන දින පැවැත්විමට නියමිත 71 වන ජාතික නිදහස් දින නාවික හමුදාව විසින් නෞකා අචාරය සිදු කිරීමට සුදානම් කර ඇති අතර, එහි පෙරහුරුවන්හි සමාරම්භය සනිටුහන් කරන අවස්ථාවක් වශයෙන් ද මෙය හැදින්විය හැක.


News Articles
Latest Videos
Most Popular Post