News Line| Off Air
Generic placeholder image

Jan
26

පොලිස්පතිගේ කටහඬ, හඩපට වලට සැසදේද? පරික්ෂාවේ වාර්ථාව ලඟදීම

525 Views


පොලිස්පතිගේ කටහඬ, හඩපට වලට සැසදේද?  පරික්ෂාවේ වාර්ථාව ලඟදීම

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් ලබා ගත් කටහඬ සාම්පල සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළ වාර්තාව සකස් කීරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව එය අධිකරණය වෙත භාරදීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව ඔහු විසින් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකථන හඩ පට සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

එම හඩපට වල පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ කටහඩ ඇත් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයා පසුගිය 14 වනදා රස පරික්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

මෙහිදී පොලිස්පතිවරයාගෙන් කටහඩ සාම්පල කිහිපයක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව එම කටහඬ සාම්පල මේ වනවිට විෂ්ලේෂණ කර ඇති අතර ඊට අදාළ වාර්තාව මේ වන විට සකස් කර ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේවෙතත් පොලිස්පතිවරයාට නැවත කැඳවීමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post