News Line| Off Air
Generic placeholder image

Jan
26

සේනා සමූහ ඝාතනය කිරීමට වඩා පාලනය කිරීම ප්‍රායෝගිකයි

876 Views


සේනා සමූහ ඝාතනය කිරීමට වඩා පාලනය කිරීම ප්‍රායෝගිකයි

සේනා දලඹුවන් සමූහ ඝාතනය කිරීමට වඩා එය පාලනය කිරීමට ප්‍රයත්න දැරීම වඩා ප්‍රායෝගික බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කීඨ විද්‍යාඥ ඒ.එස්.හේමචන්ද්‍ර මහතා පවසනවා

මහනුවරදී ඊයේ(25) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා මේ පිළිබඳව අදහස් පලකලා

සේනා යන නම පැමිණියේ කෙසේදැයි යන්න පිළිබඳව වැදගත් වන බව ඒ මහතා පැවසීය.

මෙම සතා බිත්තර දැමීම සිදු කරන්නේ බිත්තර කැඳැල්ලක් ලෙසින් බවත් එක කැඳැල්ලක බිත්තර 250ක් 300ක් වැනි ප්‍රමාණයක් දැමීම සිදු වන බවත් කීඨ විද්‍යාඥවරයා පවසා සිටියා.

දින දෙකක් හෝ තුනක් ගත වන විට එමඟින් විශාල ප්‍රමාණයක් කීටයන් බෝ වීම සිදු වන බවත් පැවසුවා.

එසේම පණුවන් සේනාවක් ලෙස විශාල ප්‍රමාණයක් දැකීම හේතුවෙන් සේනා දළඹුවා ලෙස පවසන බවත් කීඨ විද්‍යාඥ ඒ.එස්.හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළා.

සේනා දළඹුවා සමූහ ඝාතනය කිරීමට හැකි දෙයක් ලෙසින් තමන් නොසිතන බවත් එම සතාව පාලනය කිරීම, කළමනාකරණය කිරීම දැනට කෙරෙන බවත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post