News Line| Off Air
Generic placeholder image

Jan
26

උත්තර දේවි හෙට සිට අළුත් ගමනක

943 Views


උත්තර දේවි හෙට සිට අළුත් ගමනක

උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව හෙට සිදු වනවා

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කලේ කොළඹ දුම්රිය ස්ථානයෙන් එම සමාරම්භක චාරිකව ආරම්භ වන බවයි
ඒ අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්

උත්තර දේවි දුම්රිය හෙට උදෑසන හයට කොළඹ දුම්රිය ස්ථානයේ සිට යාපනය කන්කසන්තුරේ දක්වා ගමන් ආරම්භ කිරිමට නියමිතයි
මෙම සමාරම්භක සංචාරයට සමගාමීව කිලිනොච්චිය අරවියල් නගර් උප දුම්රිය ස්ථානයද විවෘත කරන බවයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ

උත්තරා දේවි දුම්රියට යොදවන නව බලවේග කට්ටය ඉන්දියාවෙන් ආනයනය කල අතර එය මැදිරි 06 කින් සමන්විතයි
වායු සමනය කළ පළමු පංතියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවැනි පංතියේ මැදිරියක්ද ඊට අයත්
තුන්වැනි පංතියේ එක් මැදිරියක ආසන 152ක් පවතිනවා

මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්ට ජී. පී. එස් තාක්ෂණය ඔස්සේ තමන් බැසීමට බලාපොරොත්තුවන දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු පූර්වයෙන් දැනුම් දීම විශේෂත්වයක්


News Articles
Latest Videos
Most Popular Post