ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ නව නායකත්වයක් නොමැතිව ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ඉදිරි ගමනක් නොමැති බවයි.
කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.
කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කළා.