News Line| Off Air
Generic placeholder image

Jan
28

අපිට හදා ගන්න තියෙන්නෙ අපේ පිතිකරණය

806 Views


අපිට හදා ගන්න තියෙන්නෙ අපේ පිතිකරණය

ශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් සමග පිටියට පිවිසේවි යන බලාපොරොත්තුව පවතින බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකශ කර්නවා.

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හී ගැබා ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු මේ ආකාරයෙන් පවසා සිටියේය.

“අපි කණ්ඩායමක් විදිහට ඇත්තටම කනගාටු වෙනවා මේ පරාජය සම්බන්ධයෙන්. ඊට අපේ පිතිකරණයේ අඩුපාඩු බලපෑවා. අපිට හදාගන්න තියෙන එක් පැත්තක් තමයි අපේ පිතිකරණය. ඔස්ට්‍රේලියාව වගේ රටක ලකුණු 300ක් ලබාගැනීම දුෂ්කර කාර්‍යයක්. ඒක අපි ඉක්මණින් නිවැරදි කරගන්න ඕනො”

තරගය ආරම්භයේදී අපිට පළමු ඉනිමට ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්න බැරි වුණා. මම හිතනවා පළමු ඉනිමට ලකුණු 250ක් 300ක් අපි ලබාගෙන තිබුණා නම් අපිට වාසියක් ගන්න තිබුණා. නමුත් සම්පූර්ණ ගෞරවය යන්න ඕන ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට. විශේෂයෙන් පැට් කමින්ස්ට. ඔහු හැමතිස්සෙම හරි තැනට පන්දු යැව්වා. අපි දන්නවා ගැබා තණතීරුවේ තරග කරද්දී පන්දුවේ අතිරේක ඉපිලීමක් තියෙනවා කියලා.

අපිට පිතිකරුවන් ලෙස හදාගන්න අමාරු වුණු කාරණයත් ඒකයි. අපි මීට පෙර කමින්ස්ගේ පන්දුවලට ටෙස්ට් තරගවලදී මුහුණ දීලා තිබුණේ නැහැ. එහෙමයි කියලා අපිට නිදහසට කාරණා ලබාදෙන්න බැහැ. අපි ලකුණු ලබාගන්න ක්‍රමයක් හදාගත යුතුයි. මම හිතනවා අපේ ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් එක්ක පිටියට පිවිසේවි කියලා.

මට අවශ්‍ය වුණා අංක 03 පිතිකරුවා ලෙස කටයුතු කරන්න. මොකද මම පසුගිය වසරේ අංක 05 පිතිකරුවා ලෙසයි කටයුතු කළේ. ඒ සමහර අවස්ථාවල මට කඩුලු රැකීමේ කාර්‍යය පැවරුණු නිසයි. දැන් දික්වැල්ල කඩුලු රැකීමේ කාර්‍යය කරන නිසා මම අංක 03 පිතිකරුවා ලෙස කටයුතු කරන්න අපේක්ෂා කරනවා” යැයි ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post