News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

ගිවිසුමෙන් වැටුප වැඩි වෙන්නෙ රු. 20කින්ලු

532 Views


ගිවිසුමෙන් වැටුප වැඩි වෙන්නෙ රු. 20කින්ලු

වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප ඉහළ දැමීමට අත්සන් කළ ගිවිසුමෙන් වැටුප ඉහළ ගොස් ඇත්තේ රුපියල් විස්සක් පමණ බව වතුකම්කරුවන්ට රුපියල් දහයක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරනවා.

අදාළ ගිවිසුම අද (28දා) රහසිගතව අත්සන් කර තිබෙන බවත්, එම ගිවිසුම කිසිසේත් නොපිළිගන්නා බවත් එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා සඳහන් කළා.

මේ නිසා වතු මූලික කර ගනිමින් හෙට සිට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, පෙබරවාරි 04 වැනිදා වතුවල කළුකොඩි ඔසවා තබා විරෝධය දක්වන බවත් පැවසූ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා, එදින (04දා) සිට වතු ආශ්‍රිතව අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවද පවසා සිටියා.

වතුකම්කරු වැටුප රුපියල් දහසක් බවට පත්කරන ලෙස ඉල්ලා අද (28දා) වතු හාම්පුතුන්ගේ සංගම් කාර්යාල ඉදිරිපිටදී පැවැති විරෝධතා ව්‍යාපාරයේදී හෙතෙම මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post