News Line| Off Air
Generic placeholder image

Jan
28

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දිය යුතුයි – ජනාධිපති

535 Views


නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දිය යුතුයි – ජනාධිපති

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දිය යුතුම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් ලබාදුන් පොලිස් නිලධාරීන්ට සම්මාන පිරිනැමීම සඳහා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ අද (28) පැවති උත්සවයකදි මේ බව ප්‍රකාශ කර සිටියා.

මානව හිමිකම් පෙන්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් ආරක්‍ෂා කිරීමට ඉඩ නොතැබිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර තමන් පොලිස් දෙපාර්තමේන්තුව භාර ගැනීමෙන් පසු ගත වූ කෙටි කාලය තුළ පොලීසිය ශක්තිමත් කිරීමට කටයුතු කළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post