News Line| Off Air
Generic placeholder image

Jan
28

ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ ප්‍රබල වෙනසක්?

1557 Views


ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ  ප්‍රබල වෙනසක්?

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අංශයේ ප්‍රබල වෙනසක් සිදුකිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් තීරණයකර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මේ අනුව පුහුණුකරුවන්ගේ වෙනසක් සිදුකරමින් මීලඟ දකුණු අප්‍රිකා සංචාරයට ප්‍රමුඛ පුහුණුකරුවෙක් එක්කර නොගැනීමට තීරණය කර ඇති බවත් සඳහන්.

ඔහු ශ්‍රී ලංකාවට කැඳවා ක්‍රිකට් ආයතනය සමඟ එළඹ ඇති ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.අදාල පුහුණුකරුවා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ ගැටලු ඇතිකර ගැනීම හේතුවෙන් මේ වනවිට කණ්ඩායම තුල විවිධ අර්බුද හටගෙන ඇති බවයි පැවසෙනේ.

ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ මෙම තත්ත්වය තුල කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනාගතයේ තවත් ගැටළුකාරී වීමට ඉඩ ඇති හෙයින් මෙම තීරණය ගෙන ඇති බවයි


News Articles
Latest Videos
Most Popular Post