News Line| Off Air
Generic placeholder image

Jan
28

රෝද තුනෙන් රෝද හතරට මාරුවන කුලී රථ හිමියන්ට ලක්ෂ 20ක ණයක්

2796 Views


රෝද තුනෙන් රෝද හතරට මාරුවන කුලී රථ හිමියන්ට ලක්ෂ 20ක ණයක්

ත්‍රිරෝද රථ හිමියන්ට කුලී රථ සේවයේ යෙදවීම සඳහා කුඩා මෝටර් රථයක් ලබා ගැනීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 20ක ණයක් ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරනවා.

අවුරුදු 35ට වැඩි ත්‍රිරෝද රථ හිමියන්ට මේ සඳහා අයැදුම් කළ හැකි අතර එම ණය මුදල සඳහා වන පොලියෙන් 75%ක් රජය විසින් දරනු ලබනවා.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පුළුල් කිරිමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙයි.

එසේම විදේශ සේවා නියුක්තිකයන් වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන රුපියල් කෝටියක් දක්වා ණය පහසුකමක්ද ලබාදීමට නියමිත අතර එම ණය ආපසු ගෙවීමේදී වසර දෙකක සහන කාලයක් ලැබෙයි. වසර 15ක් දක්වා මෙම ණය ආපසු ගෙවීමට කාලය ලබා දී තිබෙනවා.

මෙම ණය සඳහා වන පොලියෙන් 75%ක් රජය විසින් දරනු ලබයි. පුද්ගලික ආයෝජන මගින් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10ක් දක්වා ණය ලබාදීමට නියමිත අතර ඒ සඳහා වන පොලියෙන් 75%ක් රජය විසින් දරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post