News Line| Off Air
Generic placeholder image

Jan
29

අසිතගෙන් හා උපුල්ගෙන් ද්විත්ව ශතක සබඳතාවක්

1345 Views


අසිතගෙන් හා උපුල්ගෙන් ද්විත්ව ශතක සබඳතාවක්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා අයර්ලන්ත ඒ කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන එක්දින තරගයේ අද (29දා) කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 403/7ක් රැස්කිරීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් නායක උපුල් තරංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව අසිත ප්‍රනාන්දු (112) සමගින් ඉනිම ආරම්භ කළ උපුල් තරංග (120) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 28.6කදී ලකුණු 206ක සබඳතාවක් පැවැත්වීය. ඔවුන් දෙදෙනාට අමතරව තවත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චතුරංගද සිල්ව පන්දු 23කදී ලකුණු 50ක් වාර්තා කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18කදී එක් කඩුල්ලකට ලකුණු 111ක් රැස්කරගෙන සිටියි.


News Articles
Latest Videos
Most Popular Post