News Line| Off Air
Generic placeholder image

Jan
29

ලංකාවට විශාලතම මත්ද්‍රව්‍ය ගෙන ආ 5 ක් අත්අඩංගුවට

744 Views


ලංකාවට විශාලතම මත්ද්‍රව්‍ය ගෙන ආ 5 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ඉතිහාසයේ අල්ලා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් බංගලාදේශ ජාතිකයන් පස් දෙනෙකු බංගලාදේශයේ දී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය ප්‍රකාශ කරනවා.

මොවුන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෝ වෙති. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කරනවා.

ඉකුත් දෙසැම්බර් 31 වැනි දා ගල්කිස්සේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 272 ක් හා කොකේන් කිලෝග්‍රෑම් 5 ක් අත්අඩංගුවට ගැණිනි. එය ලංකාවෙන් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වේ. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.52 ක් වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් බංගලි ජාතිකයන් රඳවා ප්‍රශ්න කරන අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් පුර්ණ සහයෝගය ලංකාවට ලබාදෙන බව එරට පොලිසිය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post