News Line| Off Air
Generic placeholder image

Jan
29

විදුලි කාර්මිකයන්ට පිළිගත් බලපත්‍රයක්

1202 Views


විදුලි කාර්මිකයන්ට පිළිගත් බලපත්‍රයක්

මෙරට විදුලි කාර්මික වෘත්තිකයන් හට පිළිගත් බලපත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එහි ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසුවේ මෙරට වෙසෙන 35,000ට අධික විදුලි කාර්මිකයන් හට ඔවුන්ගේ වෘත්තියේ ප්‍රගමනය උදෙසාත් පාරිභෝගිකයන්ට ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබා ගැනීම උදෙසාත් මේ කයුතු සම්පාදනය කර අවසන් බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය හා එක්ව මේ සඳහා වන යෝජනා සකස් කළ බවත් මහජන උපදේශන වටද පවත්වමින් අවසන් යෝජනා නිර්දේශය සඳහා රජයට යොමු කිරිමට නියමිත බවත් ඔහු සිටියා.

මේ ආයතන හා එක්ව අනුමැතිය හිමිවූ වහාම බලපත්‍ර ලබාදීම අරඹන බව පැවසූ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මුලික අදියරේදී විදුලි කාර්මික වෘත්තියේ යෙදෙන්නන්ට කිසිදු අසාධාරණයක් නොවන අයුරින් සිය රැකියාව කරගෙන යා හැකි අයුරින් තාවකාලික බලපත්‍රයක් නිකුත් කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post