News Line| Off Air
Generic placeholder image

Jan
29

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරයි.

940 Views


ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරයි.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියම කළා

නඩුව අද කැදවනු ලැබුවේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න හමුවේ යි

විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සදහන් කලා

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු 5ක් ගොනු කර තිබුණා

අද තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරුනේ ඉන් එක නඩුවක තීන්දුව යි


News Articles
Latest Videos
Most Popular Post