News Line| Off Air
Generic placeholder image

Jan
29

ඕෂධී හේවාමද්දුම දේශපාලනයට ?

1024 Views


ඕෂධී හේවාමද්දුම දේශපාලනයට ?

ඕෂධී හේවාමද්දුම කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. මේ වෙද්දී ඕෂධී ආයෙමත් වතාවක් අම්මෙක් වෙලා. මේ පුංචි දරු පැටියවත් අරගෙන තමයි ඇය මේ දවස්වල රඟපාන්න යන්නේ. තමන් මොන තත්ත්වයක හිටියත් ඉදිරියේදී සෘජුවම දේශපාලනයට සම්බන්ධ වන බවක් ඇය පවසනවා.

ඕෂධී, ටික දවසකට පස්සේ නේද මෙ විදියට කරළියට ඇවිත් ඉන්නේ? අපි ඕෂධීගෙන් ඇහුවා.

දු පැටියා ලැබෙන්න ඉන්න කාලයේ රංගන කටයුතුවලින් පොඩි විරාමයක් ගන්න සිදුවුණා. ඒත් දැන් දුවට මාස හතරයි. ඒ නිසා මම ආයෙමත් රංගන කටයුතු පටන් ගත්තා.

දුවට තවම මාස හතරයි. නම් මේ තරම් ඉක්මනට රංගනයට එන්න හිතුවේ ඇයි ?

පසුගිය දෙසැම්බර්වලින් පස්සේ මම නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. ඒත් රියල් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගේ අලූ‍ත්ම චිත‍්‍රපටය ”ශ‍්‍රී සිද්ධා” මේ දවස්වල රූගත කිරීම් කරනවා. මම ඔහුගේ මුල් චිත‍්‍රපටය වුණු ගාමණී බොහොමත් ආසාවෙන් නරඹපු හොඳ ඇගයීමකට ලක්වුණු නිර්මාණයක්. එවැනි නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් ඉවත දමන්නට මම කැමැති වුණේ නැහැ. ඒ නිසා දුව පොඩි වුණත් නිර්මාණයට සම්බන්ධ වෙන්න හිතුවා.
ශ‍්‍රී සිද්ධා කියන්නේ ඉතිහාසගත කතා පුවතක්. ඔබත් මේ චිත‍්‍රපටයේ රංගනය තෝරාගත්තේ පවතින රැල්ලට අනුගත වෙමින් ද?

ඉතිහාසය කියන්නේ කාලයකදී සිදුවුණු සත්‍ය සිදුවීම්. එවැනි නිර්මාණයකදී අප පණ පොවන්නේ ජීවමානව හිටපු චරිතවලට. ඉතිහාසයේ එසේ ජීවත් වුණු චරිත ප‍්‍රතිනිර්මාණය කරන්න මම හරිම ආසයි. කොහොමත් එවැනි අවස්ථාවක් ලැබෙන එක වාසනාවක්. හැබැයි මේ චිත‍්‍රපටයටනම් දායක වුණේ අධ්‍යක්ෂ සරත් වීරසේකර මහත්මයාගේ නිර්මාණයක් අතහැර ගැනීමට ඇති අකමැත්ත නිසා.

මේ තරම් කුඩා දරුවෙකුත් එක්ක නිර්මාණ හා පෞද්ගලික ජීවිතේ සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද?

මගේ අම්මා තාත්තා වගේම ප‍්‍රදීප්ගේ නැන්දා මට ලබාදෙන්නේ පුදුමාකාර විදියේ සහයෝගයක්. මේ දවස්වල පොඩි දෙන්නා අරගෙන තමයි රූගත කිරීම්වලට යන්නේ. ඒ හැම මොහොතකම එයාලා සෙවණැල්ල වගේ මගේ ළඟ ඉන්නවා.

ඒ කියන්නේ ඔබේ ජීවිතේ කාර්යබහුලයි.

සත්තකින්ම ජීවිතේ නම් ටිකක් කාර්යබහුලයි. ඒත් පොඩි දෙන්නගේ මුහුණු දැක්කම ජීවිතේට මුහුණ දෙන්න පුදුමාකාර ජවයක් ලැබෙනවා. පොඩි අයගේ සිනහව දකිද්දී හැම වෙහෙසක්ම අමතක වෙලා යනවා.කාලයක් කලාවේ වගේම දේශපාලනය තුළත් කැපී පෙනෙන චරිතයක් වුණු ඔබ දැන් දේශපාලනය අතහැරල ද?

දුව ලැබෙන්න ඉන්න කාලයේ පොඞ්ඩක් විතර දේශපාලනයෙන් දුරස් වුණා. හැබැයි ඉදිරියේ දී නැවතත් ඒ කටයුතු පෙර පරිදිම සිදුවෙයි. මොකද කලාකරුවෙක් විදියට මට මේ රට වෙනුවෙන් යමක් කළ යුතුයි කියන තැන මම ඉන්නවා.

අපට තියෙන්නේ දේශපාලනයට ආව කලාකරුවන්ගේ මතකයක් පමණයි. ඉතින් ඕෂධී කොහොමද ඒ අභියෝගයට මුහුණ දෙන්නේ.?

ඇත්ත මෙච්චර දවසක් කලාවට සම්බන්ධ බොහෝ දෙනෙක් ක‍්‍රියාකාරී දේශපාලනයේ රැඳිලා හිටියා. පාර්ලිමේන්තු ගියා. නමුත් ඒ අයට යමක් කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. මොකද එයාලට අවශ්‍ය සහයෝගය පාලකයන්ගෙන් ලැබුණෙ නැති නිසා. නමුත් ආයෙමත් කලාවට හිතැති පාලකයෙක් පත්කර ගැනීමේ අවස්ථාව දැන් අපට ලැබිලා තියෙනවා. මම ඡුන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ගිය දවසක කලාකරුවන් වෙනුවෙන් හඬ නඟන්න පුළුවන් වෙයි.

ඒ කියන්නේ ඔබ මැතිවරණ සටනට අවතීර්ණ වෙනවා?

ඔව්, මම මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒත් මේ වතාවෙ නම් නෙවෙයි. රට වෙනුවෙන් යමක් කරන්න මගේ වයසත් එක්ක තවම මට කාලය තියෙනවා. බොහොමත් නුදුරු දවසකදී කලාවේ නොවිසඳුණු ගැටලූ‍ බොහොමයක් වෙනුවෙන් හඬ නඟන්නට මම සෘජුවම දේශපාලනයට අවතීර්ණ වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post