News Line| Off Air
Generic placeholder image

Jan
29

ලංකාවේ පරිගණකවලට වෛරසයක්

2417 Views


ලංකාවේ පරිගණකවලට වෛරසයක්

පරිගණක ආශ්‍රිතව පැතිර යන වෛරසයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය පවසනවා.

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන භාගත කිරීම් හරහා මෙම වෛරසය පරිගණකවලට ඇතුළු වන අතර මේ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් සිය ආයතනය වෙත ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා පවසනවා.

Microsoft Windows 7, 7.1 හා 10 යන පද්ධතිවලට මෙම බලපෑම වැඩි වශයෙන් සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව ද මීගස්මුල්ල මහතා සඳහන් කරනවා.

මෙම මෘදු කාංග භාගත කිරීම මඟින් හා ටොරන්ට්(Torrentz download) භාගත කිරීම් මඟින් මෙම වෛරසය පරිගණකයට ඇතුල් විය හැකි බව ද සඳහන් කළ ඒ මහතා ඒ තුළින් පරිගණකයේ ඇති ලියකියවිලි හා ඡායාරූප විනාශ වී යා හැකි බව ද සඳහන් කළා.

එම විනාශයට පත් දත්තවල අඟට “.rumba“ යන නාමයෙන් සටහන් වන බවත්, මෙහි නාමය සැකසී ඇත්තේ ඒ අනුව බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙම තර්ජනයෙන් වැළකී සිටීමට නම් පරිගණකයේ මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම, නොමිලේ ලබා ගන්නා මෘදුකාංග යවත්කාලින කර ගැනීම හා ප්‍රතිවෛරස මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සුදුසු බව ද මීගස්මුල්ල මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post