News Line| Off Air
Generic placeholder image

Jan
30

ආරුක්කු පාලම බලන්න ගිය පිරිසකට බඹර ප්‍රහාර විස්සකට අසාධ්‍යයයි

853 Views


ආරුක්කු පාලම බලන්න ගිය පිරිසකට බඹර ප්‍රහාර විස්සකට අසාධ්‍යයයි

දෙමෝදර ආරුක්කු නවයේ පාලම නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් ඊයේ දහවල් 1.30ට පමණ එල්ල වූ බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් විදේශීය සංචාරකයින් දසදෙනකු ඇතුළු සංචාරකයින් විසිදෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දෙමෝදර ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසනවා.මෙම බඹර ප‍්‍රහාරයට විදේශීය සංචාරකයින් දසදෙනකු හා දේශීය සංචාරකයින් දොලොස්දෙනකු ලක්වී ඇති අතර අතර ඉන් විදේශීය සංචාරකයින් දෙදෙනකු බරපතල අසාධ්‍ය තත්වයෙන් දෙමෝදර ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම නරඹමින් සිටියදී සංචාරකයින් පිරිසට මෙම ආරුක්කු නවය පාලමේ බැඳ තිබූ බඹරයක් හදිසියේම ඇවිස්සී එලව එලවා බඹරුන් පහරදීම නිසා මෙම අනතුරට ලක්වී තිබේ.මෙම බඹරය ඇවිස්සීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.


News Articles
Latest Videos
Most Popular Post